සුළි කුණාටුව ගැන ශ්‍රී ලංකාවට නොවැම්බර් 20 සිට අනතුරු ඇඟවූ බව ඉන්දියාව පෙන්වදෙයි .

ඉන්දීය සාගර කළාපයේ ඇතිවූ අඩු පීඩන තත්ත්වය හෙතුවෙන් ඇතිවිය හැකි කාලගුණ විපත් සම්බන්ධයෙන් ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නොවැම්බර් 13 වැනිදා මුලින්ම පුරෝකථනය කරන ලද බව ඉන්දීය කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි . එ අනුව නොවැම්බර් 20 වැනිදා සිට මෙම සුළි කුණාටුව පිළිබඳව අඛණ්ඩව යාවත්කාලීන කිරීම් ශ්‍රී ලංකාවට නිතිපතා ලබදුන් බව ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ උපුටා දක්වමින් Indian express පුවත්පත පවසයි. .

නොවැම්බර් 26 වන දින ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් මුලින්ම හටගත් මෙම අවපීඩන තත්ත්වය , සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන අයුරින් දිවයිනේ නැගෙනහිර වෙරළ තීරය ඔස්සේ උතුරට සෙමෙන් ගමන් කළබවත්, සාමාන්‍ය නිවර්තන සුළි කුණාටු ගොඩබිමට ඇතුළු වී ඉක්මනින් දුර්වල වෙනමුත්, “ඩිට්වා” සුළි කුණාටුව වෙරළට සමාන්තරව දීර්ඝ කාලයක් රැඳී සිටීම හේතුවෙන් හානිය බරපතල වූ බව එම පුවත්පත පවසයි .

එම පුවත මෙතනින් කියවන්න.