සීතාට වනජීවී එකෙන් වෙඩි තබයි

මහියංගණ පෙරහරට සහභාගී වීමට පැමිණ සිටි සීතා ඇතින්නට වනජීවී නිලධාරියකු විසින් වෙඩි තබා තිබේ.

අද (30) පාන්දර 03.30ට පමණ මෙම වෙඩි තැබීම සිදු කර ඇත.

වන අලියකු යැයි සිතා, වයස අවුරුදු 47 වූ සීතා ඇතින්නට මෙලෙස වනජීවී නිලධාරින් විසින් වෙඩි තබා ඇති බව සඳහන්ය.

වෙඩි වැදුණු ඇතින්නට මේ වන විට ප්‍රතිකාර සිදු කරන අතර, මෙම සිදුවීම මහියංගණ පොලීසිය විසින් තහවුරු කර ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *