සිසුවියන්ගේ ලිංගික ආශාවන් ගැන හොයනා ගූගල් පෝරමයෙන් කැලණිය සරසවිය කැළඹේ

කාන්තාවන්ගේ අතිශය පුද්ගලික ලිංගික හැසිරීම්, රුචිකත්වයන් සහ ආකල්ප පිළිබද තොරතුරු ලබා ගැනීමට සාකස් කළ ගූගල් පෝරමයක් නිසා කැළනිය සරසවිය තුළ නොසන් සුන් තාවයක් හට ගෙන ඇති බව වාර්තාවේ.

මෙන ගූගල් පෝරමයක් සකස් කර කැළණිය විශ්ව විද්‍යාල සිසුවියන් අතර අන්තර්ජාලය ඔස්සේ බෙදා හැර ඇති බවත් තම බිරිඳටද එහි පිටපතක් ලැබී ඇතිබවත් පවසමින් එම විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙක් අපරාධ පඩීක්සණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇත. ඊට අදාල විමර්ශන ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

ඒ අනුව මෙම සිදුවීමට අදාළ විමර්ශන පැවැත්වීමට මෙම ගූගල් පෝරමය නිර්මාතෘ හඳුනා ගැනීමට තොරතුරු ලබා දෙන ලෙස අධිකරණය විසින් ගූගල් සමාගමට නියෝගයක් නිකුත් කර තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *