සියයකට වැඩි පිරිසක් නිදිපැදුරේදීම අවසන් ගමන් යැවූ පැපුවානිව්ගිනියාවේ ඛේදවාචකය (Photos)

පැපුවානිව්ගිනියාවේ දුෂ්කර ගම්මාන හයකට ආසන්න සංඛ්‍යාවක් විනාශ කරමින් ඊයේ (23) එරට වෙලවෙන් උදෑසන 3ට පමණ විශාල නායයෑමක් සිදු වී තිබෙනවා.

මෙම නායයෑමෙන් 100කට අධික පිරිසකගේ ජීවිත අහිමි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. නමුත් නිශ්චිත වශයෙන් කොපමණ සංඛ්‍යාවක් මියගොස් ඇත්දැයි මෙතෙක් ගණන් බලා නැහැ.

මෙම නායයෑමෙන් නිවාස 100කට වැඩි ගණනක් පස්වලින් සම්පූර්ණයෙන්ම යට වී ඇති බව ද විදෙස් මාධ්‍යයේ සඳහන්.

සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැපුවානිව්ගිනියාවේ අග්‍රාමාත්‍ය James Marape පවසා ඇත්තේ, මළ සිරුරු ගොඩගැනීම සඳහා අවශ්‍ය සහන සේවා සැපයීමට සහ යටිතල පහසුකම් සඳහා අදාළ ස්ථානයට ආපදා නිලධාරීන් යොමු කර ඇති බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!