සිනොපෙක් ඉන්ධන රැගත් පළමු නෞකාව දිවයිනට පැමිණේ

සිනොපෙක් සමාගමේ ඉන්ධන පිරවුම්හල සඳහා ඉන්ධන රැගත් පළමු නෞකාව මේ මස අගදී ශ්‍රී ලංකාවට පැමිණෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පැවසීය.

ඉන්ධන තොගය ලැබීමත් සමඟ නව සැපයුම්කරුවන්ගේ ඉන්ධන බෙදා හැරීමේ කටයුතු ආරම්භ කරන බවත් ඒ සමඟම ඉන්ධන පිරවුම්හල් 150ක් සිනොපෙක් සමාගමට ලබා දී ඇති බවත් ඒවා නම් කිරීමේදී යම් ප්‍රමාදයක් පවතින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ඉන්ධන පිරවුම්හල් සහ එම පිරවුම්හල් කෙටි කාලයක් සඳහා සිපෙට්කෝ නමින් ක්‍රියාත්මක වන බවද, ඊයෙ ජනාධිපති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *