සික්වරු ඉන්දියාවට එරෙහිව කැනඩාවේ විරෝධතාවයක.

කැනඩාවේ අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ පසුගිය සතියේ කැනේඩියානු සීක් නායකයෙකු ඝාතනය කිරීමට ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික සබදතවයක් ඇත්දැයි තම රජය විමර්ශනය කරන බව ප්‍රකාශ කිරීම නිසා බිඳ වැටුන ඉන්දීය කැනේඩියානු සබඳතා තව දුරටත් අර්බුදයට ලක්වෙමින් පවතී .

“වසර 40 ක් තිස්සේ ඉන්දියාව විදේශයන්හීදී තම ප්‍රජාවට කරනා බාධා කිරිම් පිළිබඳ ලෝකය දැනුවත් කිරීමට ක්‍රියාකරමින් සිටිනා බව සීක් කෝවිල් වල සභාගයක් වන බ්‍රිතාන්‍ය කොලොම්බියා ගුර්ද්වාරස් කවුන්සිලයේ ප්‍රකාශක මහින්දර් සිං පැවසීය.

”හර්දීප් සිං ගේ ඝාතනය දේශීය කුමන්ත්‍රණයක් නොවේ පැහැඳිළිවම එහි විදෙස් කුමන්ත්‍රණයක් තිබුනා” යයි ඔහු අල් ජසීරා පුවත් සේවයට පවසා තිබුනි.

ජූනි 18 දින වැන්කුවර් නගරයට ගිනිකොන දෙසින් පිහිටි සරේ හි සික් කෝවිලකදී නිජ්ජාර්ට මරණීය වෙඩි පහර එල්ලවු අතර. ඔහුගේ මරණය ප්‍රදේශයේ ප්‍රජාව තුළ කනස්සල්ලට හා කෝපයට හේතු විය. ඉන්දියවෙන්

“කැනේඩියානු භූමියේදී කැනේඩියානු පුරවැසියෙකු ඝාතනය කිරීම සඳහා විදේශ ආන්ඩුවක් සම්බන්ධ වීම අපගේ ස්වෛරීභාවය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක්” යනුවෙන් සැප්තැම්බර් 18 දා අගමැති ජස්ටින් ටෲඩෝර් පැවසීය . සික්වරුන් වෙනුවෙන් කාලිස්ථාන් වෙනමම රාජ්‍යක් සඳහා සටහා වදිනා බෙදුම්වාදීහු හර්දිප් සිං ඝාතනයට ඉන්දීය රජය සම්බන්ධ බව පවසමින් කැනඩාවේ විරෝධතාවක්ද පවත්වා තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *