සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් කෙහෙළිය රඹුක්වැල්ල ඉවත්කිරීම සම්බන්ධව පසුගියදා නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා සිදුකළ ප්‍රකාශය මේ වන විට දේශපාලන ක්ෂේස්ත්රයේ දැඩි ආන්දෝලනයක් ඇතිකර තිබේ.
සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව තිබූ සියලුම චෝදනා අසත්‍ය බවට ඔප්පු වූ බව එම පුවත්පත් සාකච්චාවේදී ඔහු පැවසූ මුත්, සෞඛ්‍ය ඇමතිවරයා පිළිබඳ එවැනි පරීක්ෂණයක් පවත්වා නැති බව වාර්තා වේ. එවැනි පරීක්ෂණයක් නොපැවැත්වූ බව දැන දැනත් පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් කළ මෙම ප්‍රකාශය හාස්‍යජනක බව එම පෙරෙමුණේ ජ්‍යේෂ්ට සාමාජිකයෙක් පැවසීය.
කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂය ගෙනආ විශ්වාශභංග යෝජනාව පමණක් පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් ජයග්‍රහණය කළද එය ඔහුට එරෙහිව තිබූ චෝදනා පිළිබඳ පරීක්ෂනයක් නොවනා බව ඔහු වැඩි දුරටත් පැවසීය .
එවන් තත්ත්වයක් තුළ වගකිවයුතු දේශපාලන පක්ෂයක මහලේකම්වරයෙකු වන සාගර කාරියවසම් ප්‍රසිද්ධ මාධ්‍යයට පැමිණ ජනතාව නොමඟ යවන ආකාරයේ අසත්‍ය තොරතුරු සමාජ ගත කිරීම ඉතා පිළිකුල් සහගත බව ඔහු පැවසීය .