මහාපරිමාණ මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට ගැනීම හේතුවෙන් කෝපයට පත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘අංගොඩ ප්‍රියන්ත’ නැමැත්තා එම ,අත්ද්රව්ය තොගය ගැන ඔත්තුව ලබාදුන් ඔත්තුකරු ඝාතනය කර හිස කොටස අදාළ විමර්ශන සිදුකළ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගලගේ නිවස ඉදිරිපිට තැබීමේ කොන්ත්‍රාත්තුවක් බාරදී ඇතිබව වාර්තාවේ .
එම කොන්ත්‍රාත්තුව භාරගත් කුලී ඝාතකයා මේවන විට බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් ප්‍රශ්ණ කිරීමේදී මේ බව අනාවරණය වී ඇත .
කිරින්ද මුහුදු වෙරළේදී ඉකුත් වසරේ නොවැම්බර් 12 වෙනිදා අයිස් කිලෝගෑම් 350ක පමණ ප්‍රමාණයක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් අතඅඩංගුවට ගන්න ලදි .
ඒ එහි හිටපු අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගලට ලද තොරතුරකට අනුව සිදුකළ මෙහෙයුමකදීයි.
එහිදී මත්ද්‍රව්‍ය තොගය සමග සැකකරුවන් 7 දෙනෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි .
අදාළ මත්ද්‍රව්‍ය තොගයේ හිමිකරු වන මේවන විට ඩුබායිහී සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘අංගොඩ ප්‍රියන්ත’ නැමැත්තා රොහාන් ඕලුගලට අදාළ ඔත්තුව ලබාදුන්නේ කවුරුන් විසින්ද යන්න පිළිබඳව සොයා බලා ඇත . ඒ බව දැනගත් වහාම ඔත්තු කරු නිවසින් පලාගොස් ඇති බව වාර්තා වේ.
මේ අතර තුර බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහට ලද තොරතුරකට අනුව කොන්ත්‍රාත්තුව ලබාගත් පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇති අතර, ප්‍රශ්න කිරීම්වලදී අදාළ සැලැස්ම පිළිබඳව තොරතුරු හෙළිකර ඇත්.