සමලිංගික විවහයක් ඉන්දියාව කළඹයි.

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මේ දිනවල එරට දැඩි ආන්දෝලනයක් ඇතිකිරිමට හේතුවී ඇතිබව වාර්තාවේ. ඉන්දීය ශේෂ්ඨාධිකරණය සමලිංගිකත්වය පිළිගෙන තිබුනද, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ තවමත් නිසි තීන්දුවක් ප්‍රකාශ කර නොමැත .
මෙලෙස විවාහවී ඇත්තේ 27 හැවිරිදි ඩිම්පල් සහ 21 හැවිරිදි මනීෂා නම් යුවකහි. එම විවාහය සඳහා දෙපාර්ශවයේ ආශිර්වාදය හිමිව ඇතිබව විදෙස් මධ්‍ය වාර්තා කරයි. මෙම විවාහය පසුගිය සැප්තැම්බර් 18 වන දින බතින්දා නගරයේදී සිදුව ඇත.

මෙම යුවල විසින් සියලු සම්ප්‍රදායික චාරිත්‍ර ඉටු කරමින් ඔවුන්ගේ විවාහය සික් දේවස්ථානයකදී උත්සවාකාරයෙන් පැවැත්වීමට කටයුතු කර තිබීම හේතුවෙන් මේ පිළිබඳව දැඩි ආන්දෝළනයක් ඇතිව අතිබේ. සමලිංගිකත්වය සික් ආගමික සම්ප්‍රදායට පටහැනි බව සික් පූජකයෝ පවසති.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *