සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකවන්ට ක්‍රිකට් තහනම්

සංක්‍රාන්ති ලිංගික (Transgender) ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් තරඟාවලි සඳහා සහභාගී වීම තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත. නව නීතිය අනුව පිරිමියෙකු ලෙස වැඩි වියට පැමිණ සිටින සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් මෙම තහනමට ලක්ව සිටී.

සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩන් කාන්ත ක්‍රිකට් තහනම් කිරීමේ තීරණය මාස 9ක් පුරා සිදු කරන ලද විද්‍යාත්මක පර්යේෂණ ක්‍රියාවලියකින් පසුව ගන්නාලද එකක් බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පෙන්වා දෙයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අවධාරණය කර ඇත්තේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩා ක්‍රීඩාවේ සාධාරණත්වය සහ ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වීමේ අරමුණින් මෙම තීරණය ඇති බවයි.

ක්‍රීඩා ක්‍රීඩාවේ සාධාරණත්වය සහ ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව වැනි හේතු සලකා බලමින් රග්බි, පිහිනුම්, පාපැදි වැනි මලල ක්‍රීඩා සඳහා වන ක්‍රීඩා සංගම්ද සංක්‍රාන්ති ලිංගිකයන් සඳහා පසුගිය වසර කිහිපය තුළ මේ ආකාරයේ තහනම් පනවා ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!