ස.ජ.බ. රාජිතට පලා බෙදයි

ඇමතිකමක් ගෙන ආණ්ඩුවට එක්වීමට සූදානම් බව රාජිත සෙනාරත්න මන්ත්‍රිවරයා පසුගියදා පැවසීමත් සමග එම පක්ෂය ඔහුට එරෙහි විනය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. මේ වන විටත් සමගි ජන බලවේගයේ ප්‍රාදේශීය රැස්වීම් ඇතුළු වැඩ කටයුතු සඳහා රාජිත සේනාරත්නට ආරාධනා නොකිරිමේ ප්‍රතිපත්තියක් එම පක්ෂය තුළ ක්‍රියාත්මක වන බව එනි අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

කෙසේවෙතත් ආණ්ඩුවට එක්විම සඳහා දිනයක් හෝ වේලාවක් තමා තවමත් තීරණය කර නැති බවත් ඒ සඳහා පළමුව ආණ්ඩුවෙන් මුළු විපක්ෂයටම ආරාධනා කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි. ආණ්ඩුවට සහය දැක්වීම සම්බන්ධව සමගි ජන බලවේගය අතිමහත් බහුතර සිටින්නේ තම මතය බව ඔහු අවධාරණය කළේය.

රනිල් වික්‍රමසිංහ සමග තමා දිගු කලක් වැඩකර ඇති බවත්, ඔහු වැඩ කළ හැකි නායකයෙක් බවත් රාජිත සේනාරත්න වැඩි දුරටත් පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *