ශිෂ්‍යත්වයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය ගැන දැනුම් දීමක්

2023 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත පරීක්ෂා කිරීමේ අභියාචනා ඔන්ලයින් ඔස්සේ සිදුකළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, නොවැම්බර් 27 වන දා සිට දෙසැම්බර් 4 වන දා දක්වා ප්‍රතිඵල නැවත පරීක්ෂා කිරීමේ අභියාචනා ඔන්ලයින් ඔස්සේ ඉදිරිපත් කළ හැකි බව එම දෙපාර්තමේන්තුව පැවසීය.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ (නොවැ. 16) රාත්‍රියේ නිකුත් කරන ලද අතර එක් එක් දිස්ත්‍රික්කවල සිංහල සහ දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු ද නිකුත් කෙරිණි

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!