ශ්‍රී ලංකාවේ හොඳම ක්‍රිකට් දිරිගන්වන්නා, පර්සී අබේසේකර සමුගනී

ජාත්‍යන්තර කීර්තියක් දිනා සිටි ශ්‍රී ලංකාවේ හොඳම ක්‍රිකට් දිරිගන්වන්නා ලෙස සැලකෙන පර්සි අබේසේකර මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ. මිය යන විට 87 වන වියේ පසුවූ පර්සි අබේසේකර දශක ගණනාවක සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ නිළ දිරිගන්වන්නා ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටියේය.

පර්සී සිංහ දජය සෙවනේ ක්‍රීඩා පිටියට කැඳවාගෙන ගිය සහ ක්‍රීඩාංගනයෙන් කැඳවාගෙන් ක්‍රීඩකයන් බොහෝය . ප්‍රතිවාදී ක්‍රීඩකයන් පවා ශ්‍රී ලංකා දජය සෙවනේ ක්‍රීඩා මණ්ඩපයට කැඳවාගෙන ඒමට තරම් නිහතමානී වූ පර්සී, පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍ය බොහෝ ගණනක විස්තර පලවිය.

පර්සි අබේසේකර ශ්‍රී ලංකා ක්‍රික‍ට් පිලේ අනන්‍යතාවය ලෙස ලෝප්‍රකට ක්‍රිකට් විචාරකයෝ සලකති. විනය ගරුක පුද්ගලයෙක් වූ පර්සි කිසිම අවස්ථාවක ක්‍රීඩාවට බාධා නොකළ දිරිගන්වන්නෙකි. දේශීය මෙන්ම විදේශීය ක්‍රිකට් ක්‍රීඩාංගනවල සිංහ ධජය රැගෙන ලාංකේය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවුන පර්සී අබේසේකර ශ්‍රි ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට අනුපමේය සේව‍යක් කළ බව සැවොම පිළිගනී

පර්සී අබේසේකරගේ අභාවය වෙනුවෙන් srilankanews.lk වෙබ් අඩවිය සිය සාතිශය කනගාටුව පලකර සිටී.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *