ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙල්බන් කරා ගමන්වාර වැඩි කරයි .

වර්ධනය වෙමින් පවතින සංචාරක ඉල්ලුම සළකාබලමින්, අගෝස්තු 2 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ සහ මෙල්බර්න් අතර සතිපතා ගුවන් ගමන් සේවා 10 දක්වා ඉහළ දැමීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය සැලසුම් කර ඇති බව වාර්තා වේ .

නව කාලසටහන යටතේ, සෑම අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනවල අමතර ගුවන් ගමන් තුනක් ක්‍රියාත්මක වීමට නියමිතය .

මෙම නව සේවාව ක්‍රියාත්මක වීමත් සමග ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්, එහි ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන්, මෙන්ම ඉන්දියාව ඇතුළු කළාපීය රටවලට ගමන් පහසුව සපයා ගන්නා සංචාරකයන්ටද නව සේවාව මගින් පහසුකම් සැපයෙනු ඇතැයි ශ්‍රී ලංකා ගුවන් සමාගම පවසයි .

වැඩිවන ගුවන් ගමන් මගින් කළාපීය ගුවන් සේවා මධ්‍යස්ථානයක් ලෙස කටුනායක ගුවන් තොටුපොළ පත්වනු ඇතිබවත්, ඉන්දියාවේ මගීන්ට ශ්‍රී ලංකාව හරහා මෙල්බර්න් වෙත යාමට හැකි නව ප්‍රවෙශ මාර්ගයක් විවර වෙනු ඇති බවත් එම සමාගම පවසයි .