ශ්‍රී ලංකන් එයාර් පසුගිය වසරේ ඩොලර් ලියන 525 පාඩුවක් වාර්තා කරයි.

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන එයාර් ලංකා සමාගම, 2022 මාර්තු මාසයෙන් අවසන් වූ වර්ෂය සදහා ඇමරිකානු ඩොලර් මිලියන 525 ක අලාභයක් වාර්තා කර ඇතිබව වාර්තාවේ.

එමිරේට්ස් ආයතනය මගින් ඉතා සාර්ථක ලාභ උපයන ව්‍යාපාරයක් ලෙස පවත්වගෙන ආ ශ්‍රී ලංකන් එයාර් ආයතනය පෞද්ගලික කෝන්තරයක් පිරිමසා ගනුවස් හිට්පු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් රජයට පවරාගන්නා ලදි. අනතුරුව එහි සභාපති ධූරයට තම මස්සිනා වූ නිශාන්ත වික්‍රමසිංහ පත් කරනා ලදි. යළි පවරා ගෙන ගෙවුන පළමුවෙනි මාසයේ සිට පාඩු ලබන්නට වු ශ්‍රී ලංකන් ගුවන් සේවය මේ වන විට ශ්‍රී ලංකාවේ ඇති වඩාත්ම පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය වෙයි. එහි වත්මන් සේවක සංඛ්‍යාව 6000 ඉක්මවයි.

මේ වන විට රජය විසින් ප්‍රතිව්‍යුහගත කිරීමට යෝජනා කර තිබෙන පාඩු ලබන රාජ්‍ය ආයතන අතර ශ්‍රී ලංකා ගුවන් සමාගමද වෙයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *