හෝර්ටන්තැන්නේ ලෝකාන්ත බෑවුමේ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවියක් ප්‍රපාතයට ඇද වටී තිබේ . වෛද්‍ය පීඨයේ සිසුවියක් වූ ඇය දැඩි උත්සහයකට පසු බේරාගැනීමට වනෝද්‍යානයේ රියදුරෙක් ඇතුළු කණ්ඩායමක් සමත්ව ඇත.
වෛද්‍ය සිසුවියක් අඩි 50 ක් පමණ ප්‍රපාතයට ඇඳවැටී ඇති අතර, වාසනාවලට මෙන් ඇය අත්තක එල්ලීමට සමත්ව ඇත . එම අවස්ථාවේ සිය ජීවිත අවදානම නොතකා ප්රලාතයට බසින ලද වනොධ්යානයේ රියදුරෙක් ඇය ආරක්ෂිතව ගලවාගෙන ඇත . ගසේ අත්තෙන් ඇය මුදවාගත් රියදුරා පට්ටිපොළ පොලීසියෙ, යුධ හමුදාවේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායෙන් උදව්වෙන් ඇය ගොඩට ගෙන නුවරඑළිය රෝහලට ඇතුළත් කර ඇත .
නුවරඑළිය ශ්‍රී ලංකා තුන්වන සිංහ රෙජිමේන්තුවට අනියුක්ත කර ඇති කමාන්ඩෝ භටයින් කිහිප දෙනෙකු, එම රෙජිමේන්තුවේ භට පිරිස්, නුවරඑලිය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින්, වනජීවි නිළධාරින් සහ පට්ටිපොළ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුලු පොලිස් නිළධාරින් ඇය බේරා ගැනීම සඳහා දායක වි ඇත.