විසුරවා හැරිය පළාත් පාලන ආයතන යළි කැඳවයි.

විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතන නැවත කැඳවීමේ බලය පළාත් පාලන අමාත්‍යවරයා වෙත පවරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට රජය පියවර ගෙන ඇත.

2023.06 27 දිනැතිව නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය මගින් පාළාත් පාලන ආයතනයන්හී දීර්ඝ කරන ලද කාලය ඉක්මවා ඇති අවස්ථාවකදී, තවත් යම් කාල සීමාවක් සඳහා එම පළාත් පාලන ආයතන නැවත කැඳවීමට විෂය බාර ඇමතිවරයාට බලය හිමිවේ.

ඒ අනුව විසුරව හැර ඈති පළාත් පාලන ආයතන නැවත කැඳවීමට හැකියාව ලැබෙනා අතර, පළාත් පාලන ආයතන ඡන්දය ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක දී රටේ ඇතිවී ඇති යම් අර්බුදකාරී තත්ත්වයක් නිසා ප්‍රකාශිත පරිදි අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකිවුවහොත්, ක්‍රියාත්මක කළ හැකි පරිදි මෙම ගැසට් නිවේදනය මගින් පළාත් පාළන ආයතන යළි කැඳවීමේ බලය අමාත්‍යවරයාට ලබාදී ඇත.

1987 මහනගර සභා පනතට 2 (ඇ) ලෙස මෙම සංශෝදිත වගන්තිය ඇතුලත් කර ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *