විරාත් කෝලී සිය පනස් වෙනි එක්දින ශතකය ලබමින් ඉන්දියාව අවසාන තරගයට ගෙනයයි

ලෝක කුසළාන එක්දින ක්‍රිකට් තරගාවලියෙ පළමුවැනි අවසන් පූර්ව තරගයේන් නවසීලන්තය පරදවමින් ලකුණු 70 ක ජයක් ලබන්නට ඉන්දියාව ඊයේ සමත් විය.

එම තරගයේදී විරාත් කෝලි එක්දින ජාත්‍යන්තර තරගවලදි ලබාගත් සිය 50 වැනි ශතකය වාර්තා කරන්නට සමත් විය. ඒ සමගම සුපිරි ඉන්දීය පිතිකරු සචීන් තෙන්ඩුල්කාර් එක්දින ශතක 49 ලබා පිහිටවා තිබූ වාර්තාව බිඳ දමන්නට ඔහු සමත්වූ අතර ශ්‍රෙයාස් අයියාර් රැස්කළ ලකුණු 105 ත් සමග කඩුළු 4 ක් දැවී ලකුණු 397 ලබා නවසිලන්තයට අසීරු අභියෝගයක් එල්ල කරන්නට ඉන්දියාව සමත් විය. පන්දු යවීමේදී මොහොමඩ් ෂාමි කඩුලු 7ක් ලබාගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ නවසීලන්තය ලකුණු 327කට දැවී ගිය අතර ඩැරල් මිචෙල් ලකුණු 134ක් ලබා දස්කම් පෙන්වීය. නවසීලන්තයේ බලාපොරොත්තු ඉහළ නංවමින් නායක කේන් විලියම්සන් සහ මිචෙල් අතර තුන්වැනි කඩුල්ලට ලකුණු 181ක සබඳතාවයක් ගොඩනැගූන මුත්, තරගයේ 33 වැනි ඕවරයෙදී පන්දු 3 ක් ට්‍ය්හුළ කඩුළු 2 ක් බිඳ දමමින් මොහොමඩ් ෂාමී නවසිලන්තයේ බලාපොරොත්තු සුන්කර දැම්මේය.

මීළඟ අවසන් පූර්ව තරගය ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර අද පැවැත්වීමට නියමිත අතර ඉන් ජයගන්නා කණ්ඩායම ඉරිදා ඉන්දියාව සමග අවසාන මහා තරගයට මුහුණ දෙනු ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!