විමල්, ගම්මන්පිල, දිලිත් එක් වී හැදුව අලුත් සන්ධානය මෙන්න

‘එක්ව නංවන රටක් – සතුටු පිරුණු දැයක්’ තේමා කරගනිමින් දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්වී ‘සර්ව ජන බලය’ නමින් නව දේශපාලන ව්‍යාපාරයක් අද (27) පිහිටුවා තිබෙනවා.

මව්බිම ජනතා පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, යුතුකම ජාතික සංවාද කවය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රමුඛ ස්වාධීන මන්ත්‍රී සංසදය එක්ව ගිවිසුම්ගත වී මෙම නව දේශපාලන ව්‍යාපාරය ආරම්භ කර තිබෙනවා.

අදාළ දේශපාලන ව්‍යාපාරය පිහිටුවීමේ ලිඛිත ගිවිසුමට අද කොළඹදී අත්සන් තැබුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!