විදුලි ගාස්තු විතරක් නොවේ ජල ගාස්තුවත් අඩු කළ යුතුයි.

දින කිහිපයකට පෙර සිදුකළ විදුලි ගාස්තු සංශෝධනය වත්මන් රජය හෝ දේශපාලන බලධාරීන් විසින් නොවනා බවත් එය සිවිල් සංවිධාන, මහජනතාව සහ මාධ්‍ය සාමූහික උත්සාහය නිසා කබාගත් දෙයක් බවත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) හිටපු කොමසාරිස් ජනක රත්නායක පැවසීය.

අද මාධ්‍ය අමතමින් ඔහු, වත්මන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා පැවසුයේ පසුගියදා ප්‍රකාශයට පත් කරන ලද සියයට 21.9 ක විදුලි ගාස්තු සංශෝධනය අගය කරනා බවය.

ඔහු කියා සිටියේ මෙම ගාස්තු සංශෝධනය ලබාදීමට මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින් හෝ දේශපාලන අධිකාරිය එකඟ නොවූ බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

” මේ මෙහෙවර ආරම්භ කළේ මමයි . මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කරන කාලයේ මෙම සංශෝධනය ලබා දීමට උත්සහ ගත්තා . ඒ නිසා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනවිත් මා සභාපති ධූරයෙන් ඉවටහ් කළා . මගේ පාලන සමයේදී මම අත්සන් කළ යෝජනාව සම්මත වී ජනතාවට ප්‍රතිලාභයක් ලෙස ලැබුණා. 2022 පෙබරවාරි මස මා විසින් ඉදිරිපත් කරන ලද විදුලි ගාස්තු සංශෝධනය සඳහා වූ යෝජනාව 2024 මාර්තු මාසයේදී යථාර්ථයක් බවට පත් වුනා” ඔහු පැවසීය .

ලංවිමට ලැබුණු රුපියල් බිලියන 90 කට ආසන්න ලාභය ජනතාවට ලබා දී නැති බවත්, ඒ සඳහා අදාළ බලධාරීන්ට බලපෑම් කළ යුතු බවත් පැවසූ ඔහු ජල ගාස්තුව ද අඩු කිරීමට බලධාරීන් නිසි පියවර ගත යුතු බවද සඳහන් කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!