මහජන අදහස් ලබාගැනීමෙන් පසු විදුලි ගාස්තු ඉහළ දැමේ

විදුලි ගාස්තු ඉහළ දැමීම සඳහා ලංකා විශුලිබල මණ්ඩළය ඉල්ලීමක් කර ඇතත් ඊට අනුමැතිය දීමට පෙර මහජන අදහස් ලබාගත යුතුව ඇතිබව මහජන උපයෝගීතා කොමිසමේ ප්‍රකශකයෙක් අප වෙබ් අඩවියට පැවසීය.

මහජන උපයෝගිතා පනතට අනුව අනුව ජනතා අදහස් දැන ගැනීමට දින 21 ක කාලයක්
ලබාදී ඇති බවත්, ඒ අනුව ජනතාවගේ අදහස් දැනගැනීමට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ එළැඹෙන 18 වැනිදා සිට සියලූ කටයුතු සූදානම් කර ඇති බවත් එම ප්‍රකාශකයා වැඩි දුරටත් සඳහන් කළේය .

ගාස්තු ඉහළ දමීමට ජනතා අදහස් ලබාගැනීමෙන් පසු අනුමැතිය දීම හෝ නොදීම පිළිබඳව තීරණය කළ හැකි බවත් , ඊට අනුමැතිය හිමිවුවහොත් එදින සිටම ගාස්තු වැඩි වීම ක්‍රියාත්මක වනු ඇත්බවත් එම ප්‍රකශකයා පවසයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *