වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වේ.

අඛණ්ඩව ලැබෙනා වැසි හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල ධාරිතාව එහි උපරිම අගයට ලඟාවෙමින් පවති. එම හේතුවෙන් එහි ස්වයංක්‍රීය වාන් දොරටු දෙකක් වි ඊයේ රාත්‍රී විවෘත විය.

කියුබික් ඝන මීටර් මිලියන 722 ක ධාරිතාවයෙන් යුතු එම ජලාශයේ විවෘත වූ වාන් දොරටු මගින් තත්ත්පයට ජලය ඝන මීටර් 159ක් මුදා හැරෙන බව කාර්යයභාර ඉංජිනේරු කාර්යාලය සඳහන් කරයි.

මෙම වර්ෂයේදී වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු විවෘත වූ පළමු අවස්ථාව මෙය වන අතර එම ජලාශයේ මඩ සොරොව්ව විවෘත කිරීම ද ඊයේ දහවල් සිදු විය. මඩ සොරොව්ව විනාඩි 20 ක කාලයක් විවෘතව තිබූ අතර එම කාලය තුළ දොරටුව අසල තැම්පත්වී තිබුණු මඩ මුදා හැරීමට ඉංජිනේරු කාර්යාලය පියවර ගෙන තිබුණි.

වික්ටෝරියා ජලාශය වාන් දැමීමත් සමඟ සැලකිය යුතු ජල ධාරිතාවයක් පහළ මහවැලි ගංගාවට මුදා හැරෙන බැවින් ගංගාව පරිහරණය කරන පිරිස් දැඩි විමසිලිමත් විය යුතු යැයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සඳහන් කරයි.

නදීක දයා බණ්ඩාර

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!