මහවැලි ගංගාව පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා නාවයාලතැන්නේදී ආරම්භ විය . එම ශ්‍රමදාන වැඩසටහන සඳහා පොල්ගොල්ල ජලාශයේ වැලි කැණීම් බලපත්‍රලාභීන්ගේ සංගමය සහ කටුගස්තොට පොලීසියේ පරිසර අංශය ඒකබද්ධව එම වැඩසහටහන සංවිධානය කරනා ලදි .
පොලිතීන්, ප්ලාස්ටික් වැනි ඝන අපද්‍රව්‍ය හේතුවෙන් දැඩි ලෙස අපවිත්‍ර වී ඇති පොල්ගොල්ල ජලාශය කේන්ද්‍ර කොට මෙම පවිත්‍රතා වැඩසටහන දියත් කෙරිණි. ගං ඉවුර සහ ජලාශය මධ්‍යයේ රැදී ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීමෙන් අනතුරුව ගං ඉවුරේ රුක් රෝපණය කිරීම ද සිදු කෙරිණි.
මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇටම්පාවල , මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ, පොල්ගොල්ල මහවැලි වේල්ල කාර්යයභාර ඉංජිනේරු තිසර බණ්ඩාර , කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ආර්.සී.රාජපක්ෂ සහ පොල්ගොල්ල ජලාශයේ වැලි කැණීම් බලපත්‍රලාභීන්ගේ සංගමයේ සාමාජිකයන් ද මෙම වැඩසටහන සඳහා සහභාගීවූහ.
නදීක දයා බණ්ඩාර