වාහනයක් ගන්න ඔබට හදුන්වාදෙන ගාඩියන් ලීසින් ක්‍රමය

පාවිච්චි කරන ලද වාහන අලවියේදී තත්ත්ව සහතිකයක් සහිතව ලීසින් පහසුකම් ලබා දීමට PMF finance ආයතනය ගාඩියන් ලීසින් ක්‍රමය හඳුන්වා දී තිබෙනවා.

පාවිච්චි කරන ලද වාහන නැවත අලෙවි කිරීමේදී එම වාහනයේ ප්‍රධාන කොටස් සඳහා වසර දෙකක තත්ත්ව සහතිකයක් සහිතව අඩු පොලී අනුපාතයක් යටතේ ලීසින් ණය පහසුකම් ලබා දීමට මෙම ආයතනයේ නව වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා.

PMF finance නව ශාඛාව පසුගිය දා නාරාහේන්පිට දී විවෘත කිරීමෙන් අනතුරුව මෙම ගාඩියන් ලීසින් ක්‍රමය හඳුන්වාදීම එම පරිශ්‍රයේදී සිදු කෙරුණා.

මෙම අවස්තාව සඳහා PMF finance ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.

තවද ලීසින් සඳහා ඉතා අඩු පොලී අනුපාත යටතේ පාරිභෝගිකයන්ට සේවාවන් රැසක් මෙම ආයතනය මගින් හඳුන්වා දී තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!