වාහන ආදායම් බලපත්‍ර නිකුත් අත් හිටවයි.

පරිඝනක පද්ධතියේ යාවත්කාලීන කිරීමක් හේතුවෙන් බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නතර කළ බව ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් කේ.සී.එන් පෙරේරා නිකුත් කළ නිවේදනයක් නිකුත් කරමින් පවසයි .

ඒ අනුව සැප්තැම්බර් 27 දා සිය ඔක්තෝබර් දෙවන දා දක්වා අත්හිටවා ඇති අතර සැප්තැම්බර් මස 26 වනදා සිට කල් ඉකුත්වන වාහන ආදායම් බලපත්‍ර ඔක්තෝබර් මස 10 වනදා දක්වා දඩ මුදල් ගෙවීමකින් තොරව නැවත ලබාගැනීමට හැකි බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.

www.motortraffic.wp.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් සිදුකළ මාර්ගගත ක්‍රමය යටතේ වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමද සැප්තැම්බර් මස 24 මධ්‍යම රාත්‍රියේ සිට ඔක්තෝබර් මස 06 වනදා දක්වා තාවකාලිකව අත්හිටුවා ඇති බවද ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *