වවුනියවේ දරුණු අපරාධයක්. කුඩා ළමුන් ඇතුළු පිරිසන් ඇතුළට දමා ගෙට ගිනිතියයි

වවුනියාව, තෝනික්කල් ප්‍රදේශයේදී අද (23) අලුයම උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබූ නිවසකට නාඳුනන පිරිසක් විසින් ගිනි තබ ඇත. එම ගිනි තැබීමෙන් එහි සිටි තරුණියක් මියගොස් තවත් පුද්ගලයන් 09 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවට වව්නියාව පොලීසිය පවසයි.

වවුනියාව, තෝනික්කල් ප්‍රදේශයේ නිවසක ගින්නක් හටගෙන ඇති බවට වවුනියාව පොලිස් ස්ථානයට ලද 119 කෙටි පණිවිඩයක් හරහා වහාම ක්‍රියාත්මක වූ පොලිසිය, වවුනියාව නගර සභාවේ ගිනි නිවන ඒකකය හා ප්‍රදේශවාසීන් සමඟ එක්ව ගින්න මැඩපවත්වනු ලැබීය.

ගින්න හට ගන්නා අවස්ථාවේදී අදාල නිවසේදී උපන්දින සාදයක් පවත්වමින් තිබුණු අතරතුර මුහුණු ආවරණය කරගත් පිරිසක් පැමිණ නිවසට ගිනිතබා ඇති බවට නිවසේ තිබූ CCTV දර්ශන මඟින් අනාවරණය කරගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ගින්න හේතුවෙන් ඕමන්ත ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණියක් මිය ගොස් ඇති අතරම ගින්නෙන් තුවාල ලැබූ පිරිස අතර තෝනික්කල් ප්‍රදේශයේ පදිංචි වයස අවුරදු 02ක කුඩා පිරිමි දරුවෙකු, අවුරුදු 07ක හා අවුරුදු 13ක ගැහැණු දරුවන් දෙදෙනෙකු, වයස අවුරුදු 19ත් 41ත් අතර පසුවන කාන්තාවන් 04 දෙනෙකු, වයස අවුරුදු 42ක සහ 36 හැවිරිදි පිරිමි පුද්ගලයින් දෙදෙනෙකුද සිටින බවද පරික්ෂණ සිදුකරන පොලීසිය පවසයි.

වන්නි රොමේෂ් මධුෂංක

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *