පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා අයදුම්කළ නවක වෛද්‍යවරු 436 දෙනාට නව පත්වීම් සේවා ස්ථාන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් අද (08) ප්‍රකාශයට පත් කර ඇත .
මෙම වෛද්‍යවරු හෙට (9) සිට එළැඹෙන 11 වැනිදා දක්වා වූ කාලය තුළ තමන් අනුයුක්ත කර ඇති දිවයින පුරා රජයේ රෝහල් හෝ සෞඛ්‍ය ආයතනය වෙත වාර්ථාකළ යුතුව ඇතිබව එම නිවේදනයේ දැක්වෙයි .
මෙම නවක වෛද්‍යවරු සිය පත්වීම් සඳහා ඉල්ලුම් කර ඇති ආකාරය සහ ඔවුන්ගේ කුසලතා ලේඛනය (Merit List) පදනම් කර ගනිමින් විනිවිදභාවයකින් යුතුව විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ දිවයින පුරා පවතින වෛද්‍ය අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් අනුයුක්ත කිරීමට කටයුතු කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සිය නිවේදනයෙන් සඳහන් කර ඇත.
කෙසේ වෙතත් මෙම පත්වීම් ලබාදීම තම සංගමය සමග පැවති එකඟතාවය බිඳ දැමීමක් බව පවසමින් රජයේ වෛද්‍ය නිළධාරී සංගමය හෙට සිට ෞදෑසන 8 සිට දින දෙකක වැඩ වර්ජනයක් කැඳවා ඇත.