වත්මන් ක්‍රීඩා ඇමතිගේ ධුර කාලය තුළ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා හතරකට ජාත්‍යන්තර තහනම්

ජාතික ක්‍රීඩා සංගම් අත්හිටුවමින් අතුරු කමිටු පත් කරන්නේ නම් ඒ සඳහා ඉදිරියේදී කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගත යුතු බව කැබිනට් මණ්ඩල ලේකම්වරයා විසින් ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා ලිඛිතව දැනුවත්කර ඇත . ඊට අමතරව එවනි අවස්ථවක පිළිපැදිය යුතු මාර්ගෝපදේශද කැබිනට් ලේකම්වරයා විසින් දන්වා ඇත.

අතුරු කමිටුවක් පත් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් පළමුව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ලබාගැනීම, නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගැනීම හා අතුරු කමිටුව පත් කරන ක්‍රීඩා ඉසව්වට අදාළ වන අන්තර් ජාතික සම්මේලනය දැනුවත් කිරීම එහිදී අවශ්‍යයෙන්ම කළ යුතු බව ද කැබිනට් ලේකම්වරයා විසින් දැනුම්දී ඇත.

ඉදිරියේදී නව ක්‍රීඩා පනතක් හඳුන්වා දෙන තෙක් මෙම නියමයන් ක්‍රියාත්මක විය යුතු බව ද ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

දැනට පවතින ජාතික ක්‍රීඩා පනතේ බලතල අනුව ක්‍රීඩා අමාත්‍යවරයාගේ අභිමතය පරිදි ජාතික ක්‍රීඩා සංගමයක් අත්හිටවමින් අතුරු කමිටුවක් පිහිටවිය හැකි වුවද, වර්තමාන ජාත්‍යන්තර ක්‍රීඩා ක්ෂේස්ත්‍රයේ අතුරුපාලක මණ්ඩළ පිළිගන්නේ නැත.

වත්මන් ක්‍රීඩා ඇමතිවරයාගෙ ධුරකාලය තුළ කරාටේ, පාපන්දු, රගර් සහ ක්‍රිකට් සඳහා පත්කරනා ලද අතුරු කමිටු නිසා එකි ක්‍රීඩාවන් ශ්‍රි ලංකවට ජාත්‍යන්තරව තහනම් කරන ලදි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!