ලෝක සංචාරක දිනය අදයි

ලෝක සංචාරක දිනය අදට (27) යෙදී තිබේ.

1980 සිට සෑම සැප්තැම්බර් 27 වන දිනකදීම, එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය විසින්, ලෝක සංචාරක දිනය උත්සවාකාරයෙන් සමරා ඇත.

මෙවර සංචාරක දිනය සැමරීම සඳහා තේමාව කරගෙන ඇත්තේ, “සංචාරක කර්මාන්තය හා හරිත ආයෝජනය” යන්නයි.

ලෝක සංචාරක දින ප්‍රධාන උත්සවය සෞදි අරාබියේ රියාද් නගරයේ ෆෝ සීසන්ස් හෝටලයේ (four seasons hotel) අද සහ හෙට පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *