ඩුබායි වලින් ගෙනා කෝටි 12ක රත්‍රං තොගයක් රේගු භාරයට

රුපියල් දොලොස් කෝටි තිස් ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස රැගෙන ආ කාන්තාවන් සිව් දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු අද (27) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොවුන් ඩුබායි සිට ගුවන් යානා දෙකකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර, මින් පළමු ගුවන් යානය 09/27 දින අලුයම 01.10 ට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්..ඉසෙඩ්.- 569 දරන ගුවන් යානයෙන් කාන්තාවන් තිදෙනකු සහ පිරිමි පුද්ගලයා ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වේ.

මීට අමතරව ඩුබායි සිට 09/27 දින අලුයම 05.25 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් තවත් එක් කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර, මොවුන් සියලු දෙනාම කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් නිතර නිතර ගුවන් ගමන් වල යෙදෙමින් ව්‍යාපාර කටයුතු වල නිරත වන්නන් පිරිසකි.

ඔවුන් සිය සිරුරු වල සහ ඔවුන් රැගෙන ආ අත් බෑගයන් තුළ මෙම කිලෝ ග්‍රෑම් 06 ක් බරැති ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගය සගවා ගෙන තිබියදී රේගු නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *