ලෝක රූ රැජින කිරුළ චෙක් ජනරජයට

මෙවර ලෝක රූ රැජින කිරුළ චෙක් ජනරජයේ ක්‍රිස්ටිනා පිස්කෝවා විසින් දිනාගෙන තිබෙනවා.

ඉන්දියාවේ මුම්බායිහිදී ඊයේ (09) රාත්‍රීයේ අතිඋත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබ්‍ය්වේ 71 වැනි ලෝක රූ රැජින කිරුළ සඳහාවන අවසන් මහා තරගයයි.

එම තරගාවලිය සඳහා රටවල් 115ක තරගකාරිනියන් සහභාගී වූ අතර, එහි කිරුළ චෙක් ජනරජයේ ක්‍රිස්ටිනා පිස්කෝවා හිමි කර ගත් අතර, අනුශූරිය බවට පත් වුණේ, ලෙබනනයේ යෂ්මිනා සයිටූන් විසින්.

මේ අතර, එම තරගාවලියේ අවසන් අට දෙනා අතරට සත්කාරක ඉන්දියාවේ සිනී ෂෙට්ටි තේරී පත් වූ අතර එවන් තත්ත්වයක් කරා ඉන්දියාව පැමිණියේ වසර 28කට පසු වීම ද විශේෂයක්.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!