ලොකු ළූණු ගුවන් ගතවෙයි.

ඉන්දියාව විසින් ක්‍රියාත්මක අපනයන තහනම නිසා කෙරට වෙළඳ පොළේ ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 500 ඉක්මවා ඇතැයි ජාතික කාන්තා එකමුතුව සඳහන් කරයි.
එමෙන්ම සියලුම ආහාර භාණ්ඩවල මිල අධික ලෙස ඉහළ ගොස් ඇතැයිද එහි සභාපති හසිනි ද සිල්වා මහත්මය පවසයි.

තත්ත්වය පාලනය කිරීමට ආණ්ඩුවට හැකියාව තිබියදීත් එය සිදු නොවන බවද පවසන ඇය පවතින තත්ත්වය නිසා දරුවන්ට පෝෂ්‍යදාහී ආහාර වේලක් ලබා දීමට නොහැකි වී ඇතැයිද කියා සිටී.

පොල් ගෙඩියක් රුපියල් 120 ඉක්මවා ඇති බවත් සහල් කිලෝවක් රුපියල් දෙසීය ඉක්මවා ඇති බවත් පවසන ඇය බිත්තර කුකුල් මස් ඇතුළු සෑම භාන්ඩයකම මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බවත් කියා සිටියාය.

ජනවාරි මාසයේ සිට අලුතින් එකතු වන වැට් බද්ද හේතුවෙන් භාණ්ඩ මිල තවදුරටත් ඉහත යනු ඇතැයි ද පැවසූ ඇය තත්ත්වය පාලනය කර ජනතාවට සහන ලබාදීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවද පැවසුවාය. කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇය මේ බව පැවසූවාය

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!