ලාෆ්ස් සහ ලිට්‍රෝ මිල සමාන වෙන ලකුණු

ලාෆ්ස් සහ ලිට්‍රෝ ගෑස්වල මිල ගණන් සමාන වන පරිදි මිල සූත්‍රයක් හඳුන්වා දීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු ප්‍රකාශ කරයි.

වෙළෙඳපොළේ ලිට්‍රෝ ගෑස් මිලට සාපේක්ෂව ලාෆ්ස් ගෑස් මිල ගණන් ඉහළ අගයක පැවතීම මෙයට හේතු වී ඇත.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් ලාෆ්ස් ගෑස් සමාගම සමඟ සාකච්ඡා කර ඇති බවත් ඉදිරි සතිය තුළ මිල සංශෝධනය පිළිබඳ එකඟතාවක් ලබාදීමට එම සමාගම පොරොන්දු වී තිබෙන බවත් අමාත්‍යවරයා අවධාරණය කරයි.

ඒ අනුව ඉදිරියේදී ලාෆ්ස් ගෑස් සදහා ද මිල සූත්‍රය හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සඳහන් කර ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *