ලතා වල්පොලගේ අවසාන කටයුතු අදයි.

හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුදය ලත් කලාශූරී ලතා වල්පොලගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (31) පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව අද සිදුකිරීමට නියමිතය .

මහජන ගෞරවය සඳහා කලාශූරී ලතා වල්පොලගේ බොරැල්ල ජයරත්න මල්ශාලාවේ රෙස්පෙක්ට් ශාලාවේ තැන්පත් කර තිබෙනා අතර එය අද පෙ.ව 10.00 සිට ප.ව 2.00 දක්වා කොළඹ නිදහස් චතුරශ්‍රය පරිශ්‍රයේ මහජන ගෞරවය සඳහා තැන්පත් කිරීමට නියමිතය .

පස්වරු 2.00ට ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව දේහය බොරැල්ල පොදු සුසාන භූමියට රැගෙන ගොස් එහිදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි.