රුසියාවේ ලූනා – 25 සඳ සොයා ගමන් අරඹයි

රුසියාවේ වොස්ටොව් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ලූනා -25 චන්ද්‍ර යානය රැගෙන සෝයුස් රොකට්ටුවක් මොස්කව් වේලාවෙන් අද (11) අලුයම 02.11ට සඳ ගවේෂණය සඳහා යානයක් ගුවන් ගත කළේය.

ඉන් පැයකට පමණ පසු පෘථිවි කක්ෂයෙන් නික්මුණු චන්ද්‍රයානය සඳ වෙත ගමන් ආරම්භ කළේය.

මෙම ලූනා – 25 යානය අගෝස්තු 21 වනදා සඳ මතට ගොඩබැස්සවීමට අපේක්ෂා කරන බව රුසියානු අභ්‍යවකාශ වැඩසටහනේ ප්‍රධානී යූරි බොරිසොව් විදෙස් මාධ්‍යට සඳහන් කළේය.

සඳේ දකුණු ධ්‍රැව ප්‍රදේශයට මෘදු ගොඩබෑමක් (soft landing) ලෙස ලූනා -25 එහි පතිත කිරීමට රුසියාව සැලසුම් කර තිබේ.

එහි ආවාටවල ද්‍රව අයිස් පවතින බව මීට පෙර අනාවරණය කළ අතර, එය තහවුරු කළ හැකි ද යන්න ලූනා -25 මඟින් පරීක්ෂාවට ලක්කෙරෙනු ඇති.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *