රුසියාවේ යුධ අපරාධ ලෝකයට පෙන්වන 20 Days in Mariupol චිත්‍රපටයට ඔස්කාර් සම්මානයක්

යුක්‍රේන ජාතික සිනමාකරුවෙක් සහ යුධ වාර්තා කරුවෙක් වන Mstyslav Chernov ගේ 20 Days in Mariupol චිත්‍රපටය පසුගිය ඉරිදා ඇකඩමි සම්මාන උළෙලේදී හොඳම වාර්තා චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර විය.

2022 වසරේ පෙබරවාරි මස රුසියානු ආක්‍රමණයේ මුල් දින කිහිපයේ දකුණුදිග මරියුපෝල් නගරයට එල්ල වූ ප්‍රහාරය අලලා නිර්මාණය කර ඇති එම චිත්‍රපටය රුසියානු ආක්‍රමණයේ වියරු ස්වාභාවය ලෝකයට පැහැදිළි කරන්නට සමත්වන්නක් ලෙස සළකණු ලැබේ.

“මෙය යුක්රේන ඉතිහාසයේ පළමු ඔස්කාර් සම්මානය වන අතර මම එය ලබාගැනීමේ ගෞරවයට පාත්‍ර වෙමි” යනුවෙන් ලොස් ඇන්ජලීස් හීදී සම්මානය පිළිගැනීමේදී හැඟීම්බර වූ Mstyslav Chernov පැවසීය. යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy සඳුදා ඔහුගේ ටෙලිග්‍රාම් නාලිකාවේ සටහනක් තබමින් කියා සිටියේ චිත්‍රපටය “රුසියානු ත්‍රස්තවාදය පිළිබඳ සත්‍යය පෙන්වයි” බවයි .

යුද්ධයේ කුරිරු විනාශය ලොව විශාලතම වේදිකාවකින් ලෝකයට කියන්නට Mstyslav Chernov සමත්වීම යුකේණ ජනාධිපතිවරයාගේ ප්‍රශංසාවට ලක්ව ඇත .

“යුක්රේන ඉතිහාසයේ ඔස්කාර් සම්මානය වන මෙය ලෝකයට වැදගත් පණිවිඩයක් දෙන බව ජනාධිපති කාර්යාලයේ ප්‍රධානී ඇන්ඩ්‍රි යෙර්මාක් පවසයි “රුසියාවේ අපරාධ පිළිබඳ සත්‍යය ලෝකය දැකගන්නට සැලැස්වීමට මෙම සිනමා පටය සමත්ව ඇත..” යනුවෙන් ඔහු සඳහන් කරයි.

රුසියානු ආක්‍රමණය සිදුවන විට Mstyslav Chernov සිය AP මාධ්‍ය ජාලයේ සගයන් වන Evgeniy Maloletka සහ Vasilisa Stepanenko සමග රුසියාව විසින් Mariupol වරාය නගරයට බෝම්බ හෙලීමට පැයකට පෙර එහි පැමිණිමට සමත්ව තිබේ. මෙම සිනමා පටයේ මාතෘ රෝහලකට පහර දීම ඇතුළු දරුණු ගනයේ රුසියානු යුධ අපරාධ ඇතුළත්ව ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!