රුසියාවට කුළී හේවා ප්‍රහාරයක් .

වැග්නර් පුද්ගලික කුලී හේවා කණ්ඩායමේ සටන්කරුවන් රුසියාවේ ප්‍රදේශ කිහිපයක් ග්‍රහණයට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි . මෙම කුළී හේවා කණ්ඩායම අද අළුයම රුසියාවේ රොස්තොව්-ඔන්-ඩොන් නගරයේ දකුණු හමුදා මූලස්ථානයයද පහර දී ඇතිබවත් හමුදාවෙන් අවම විරෝධයක් එල්ලවීම නිසා බරපතල හානි කිසිවෙකුටත් සිදුව නැති බවත් වාර්තා වේ.

වැග්නර් කණ්ඩායමේ ප්‍රධානියා වන යෙව්ගනි ප්‍රිගොෂින් පවසන්නේ රුසියාවේ දකුණුදිග හමුදා දිස්ත්‍රික්කයේ රොස්තොව්හි මූලස්ථානය සිය පාලනයට නතු කර ගන්නා විට තම හමුදාවට එක වෙඩිල්ලක් හෝ වෙඩි තැබීමට අවශ්‍ය නොවූ බවයි.

ඔහු සිය මෙහෙයුම “යුක්තියේ පාගමන” ලෙස ඔහු හඳුන්වයි. අතර එයට රුසියානු ජනතාවගේ සහාය ලැබෙනු ඇතැයි සිතන බව ඔහු පවසයි. සෙනසුරාදා දහවල් රුසියානු නගරයක් වන වොරොනෙෂ් පසුකර ගිය වැග්නර් කුලී හේවා කණ්ඩායම සතු සන්නද්ධ රථ පෙළක් ගමන් ගත් බව්ස් රොයිටර් වාර්තා පවසයි

කැරලිකාර රුසියානු කුළී හේවා ප්‍රධානී යෙව්ගනි ප්‍රිගොෂින් පවසන්නේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ අණට අනුව තම මිනිසුන් හැරී නොයන බවයි. “දේශද්‍රෝහීත්වය ගැන කතා කරන විට ජනාධිපතිවරයා ගැඹුරු වැරැද්දක් කරයි. අපි අපේ මාතෘභූමියේ දේශප්‍රේමීන්, අපි ඒ වෙනුවෙන් සටන් කළා, සටන් කරනවා,” ප්‍රිගෝෂින් ශ්‍රව්‍ය පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

“ජනාධිපතිවරයාගේ, FSB [ආරක්ෂක සේවය] හෝ වෙනත් කිසිවකුගේ නියෝගය මත කිසිවෙක් හැරී පාපොච්චාරණය කිරීමට යන්නේ නැත. මක්නිසාද යත් රට තවදුරටත් දූෂණයෙන්, වංචාවෙන් සහ නිලධාරිවාදයෙන් ජීවත් වීමට අපට අවශ්‍ය නැත.” ප්‍රිගෝෂින් වැඩි දුරටත් පැවසීය .

යුක්‍රේනය ආක්‍රමණය කිරීමේදී ප්‍රමුඛ මෙහෙයක් ඉටු කළේ මෙම කුළී හේවායාන් බවත්, ඔඑඋන් අල්ලාගත් බිමේ කඳවුරු ඉදි කිරීම පමණක් රුසියානු හමුදාව සිදුකළ බවත් ප්‍රිගෝෂින් පවසයි.

යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy පවසන්නේ, “රුසියාවේ තම රට ආක්‍රමණයට යොදාගත් කුලී හේවායන් දැන් එරටම ආක්‍රමණය කිරීම දෛවෝපගත සිදුවීමක් බවය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *