දැනට විදෙස්ගතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ නැවත දිවයිනට පැමිණෙන විට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් නියෝගයක් ලබාදී ඇති බව වාර්තා වේ.
බස්නාහිර පළාත උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඔහු මෙම නියෝගය ලබාදී ඇති බවයි වාර්තා වෙයි .
ජනාධිපතිවරයා යළි දිවයිනට පැමිණෙන අවස්ථාවේදී විරුද්ධ දේශපාලන මත දරන්නන් විසින් ඔහුගේ ප්‍රභූ රථ පෙළට යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු කිරීමට ඇති ඉඩකඩ ඇති බවයි.
තවද සන්නද්ධ කණ්ඩායම් විසින් ප්‍රහාරයක් එල්ල කිරීමට ඇති හැකියාව, ස්නයිපර් ප්‍රහාරයක් එල්ල විය හැකි අවදානම, මහජන කැළඹීම් සහ උද්ඝෝෂණ ඇතිවීමේ ඉඩකඩ ඇතුළුව කරුණු හයක් සම්බන්ධව අවදානමක් ඇති බවද ඔහු සිය ලිපියෙන් අවධානරණය කර ඇත .