රුසියාවට එරෙහිව කටයුතු කරන රටවලට උතුරු කොරියානු නායකයා අනතුරු අඟවයි

යුක්රේනයේ යුද්ධය සඳහා රුසියාවට ආයුධ සැපයීමට එරෙහිව එක්සත් ජනපදය සති ගණනාවක් තිස්සේ උතුරු කොරියාවට අනතුරු අඟවයි.

එහෙත් රුසියානු සහ උතුරු කොරියානු නායකයින් දෙරට අතර සබඳතා වැඩිදියුණු කිරීමට උනන්දු වන බැවින්, මොස්කව් සහ පියොංයැන්ග් අතර සහයෝගීතාවය නැවැත්වීමට වොෂින්ටනයට කළ නොහැකි දෙයක් බව ජාත්‍යන්තර පුවත් විශ්ලේෂකයෝ පවසති.

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මේ දිනවල රුසියාවේ සංචාරයක නිරත වන අතර, ඔහු පුටින් සමඟ ඈත පෙරදිග අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් වන Vostochny Cosmodrome හි පැය ගණනක් ගත කර ඇති බව Al Jazeera පුවත් සේවය පවසයි.

විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින්, උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, මොස්කව්හි ආරක්ෂාවට සහ අවශ්‍යතාවලට තර්ජනයක් වන “hegemonic forces” එරෙහිව සටන් කිරීමට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට සහාය දෙන බවට ප්‍රතිඥා දුන්නේය. එහෙත් දෙරටේ නායකයන් ආන්දෝලනාත්මක අවි ගනුදෙනු ගැන කිසිදු ප්‍රකාශයක් කළේ නැත.

උතුරු කොරියාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගෙන එන ලද යෝජනාවලදී රුසියාව කලක සිට උතුරු කොරියාවට සහාය දක්වන අතර මේ වන විට ඉතා හොඳ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩනගා ගනිමින් සිටී.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *