රුපියල් අට කෝටියක් වංචාකළ බවට රාජාංගනයේ සද්ධාරතන හිමියන්ට චෝදනා

සුරකිමු ලංකා ජාතික ව්‍යාපාරයේ සභාපති පාහියන්ගල ආනන්ද සාගර හිමියන් විසින් කරන ලද පැමිණිල්ල හා ජනාධිපතිවරයාගේ මවට අසභ්‍ය වචනයෙන් බැණවැදීමේ චෝදනාව සම්බන්ධව පෙරේදා (28 වැනිදා) රාත්‍රියේ රාජාංගණයේ සද්ධාරතන හිමියන්ට එරෙහිව රුපියල් කෝටි අටකට අධික මුදලම් වංචා කිරිම සම්බන්ධ චෝදනා එල්ලවී ඇති බව වාර්තාවේ.

එංගලන්තයේ දානපතියකු විසින් විහාරස්ථානය ඉදිකිරීමට බැංකු ගිණුම්වලට බැරකළ රුපියල් කෝටි අටක් අස්ථාන ගත කළ බවට වන චෝදනාවට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් අරඹා ඇත.

යූ ටියුබ් ක්‍රියාකාරිකයකු හා ටෙලි නළුවකු වන පුද්ගලයකු සමග එක්ව සද්ධාරතන හිමියන් මුදල් ලබාගෙන ඇතත් මෙතෙක් විහාරස්ථානය ඉදිකර නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ලැබී තිබේ.

සැකකාර හිමියන්ගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කළ ඉල්ලීමට අධිකරණය අවසර දුන්නේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *