ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික දත්තවලට අනුව, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියලේ අගය අද දින තවදුරටත් පහත වැටී ඇත.
පසුගිය දින කිහිපය පුරා රුපියල අවප්රමාණය වීමේ ප්රවණතාවක් පෙන්නුම් කළ අතර, අද දින නිකුත් වූ නවතම දර්ශකයන්ට අනුව එහි විකිණුම් මිල රුපියල් 313 ලෙස දක් වෙයි .
අවසන් වරට ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 313 සීමාවේ පැවතියේ 2024 වසරේ මාර්තු මස මුල් සතියේදීය. ඉන් අනතුරුව රුපියල ක්රමයෙන් ශක්තිමත් වූ අතර, මාස කිහිපයක් තිස්සේ ඩොලරයේ අගය රුපියල් 300 සීමාවට ආසන්නව ස්ථාවරව පැවතුණි.