රැඩිකල් අපේක්ෂකයෙකු ජනාධිපති කර ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නට ආජන්ටිනාව උත්සහ ගනී.

උද්ධමනය 143% දක්වා ඉහළ ගොස් ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණදෙමින් සිටිනා ආර්ජන්ටිනාවේ ජනාධිපති ලෙස රැඩිකල් අන්ත දක්ෂිනාංශිකයෙකු වන ජේවියර් මිලෙයි පත්ව ඇත.

එරට මුදල් ඒකකය වන පෙසෝ වෙනුවට එක්සත් ජනපද ඩොලරය භාවිත කරනා බවත්, රජයේ වියදම් කප්පාදු කරනා බවත් ඔහු සිය මැතිවරණ ව්‍යාපාරයේදී පැවසීය. ඔහුගේ ප්‍රතිවාදියා වූ ආර්ථික විද්‍යා අමාත්‍ය සර්ජියෝ මැසා කල්තබා සිය පරාජය පිළිගෙන ඇතිබව වාර්තා වේ.

දකුණු ඇමරිකාවේ තුන්වන විශාලතම ආර්ථිකය ඇති ආර්ජන්ටිනාව බටපතල අර්තික අර්බුදයකට මුහුණදෙමින් සිටිනා අතර නව ජනාධිපතිවරයාටද ආර්ථික අර්බුදය ජය ගැනීමේ පැහැදිලි මතවාදයක් නැත. එරට ව්‍යවහාරික මුදල අවලංගුකර ඇමරිකානු ඩොලරය හෝ වෙනත් මුදල් ඒකකයක් හඳුන්වාදීම ඔහුගේ යෝජනා වී තිබේ.

ආර්ථික ව්‍යසනය සමඟ කෝපයට පත්ව සිටිනා එරට ඡන්දදායකයින්ගේ සර්ජියෝ මැසාගේ වඩාත් මධ්‍යස්ථ ප්‍රතිසංස්කරණ ප්‍රතික්ෂේප කර ඇතිබව ම මාධ්‍ය වැඩි දුරටත් පෙන්වා දෙයි.

රූපවාහිනී ”ටෝක් ෂෝ” ඉදිටිපත් කරන්නෙක් වූ 53 හැවිරිදි ජේවියර් මිලෙයි එරට තරුණ ඡන්දදායකයින් අතර ඉතා ජනප්‍රිය වීම නිසා මෙම ජයග්‍රහණය ලබාගැනීමට සමත්ව ඇත. ඔහු ඇමරිකාව, චීනය සහ දකුණු ඇමරිකාවේ කලාපීය බලවතා වන බ්‍රසීලය යන සියළු පාර්ශව විවේචනය කරමින් සිටින්නෙකි