රාමසාන් උපවාසය අදින් ඇරඹේ.

නව අඩ සඳ දර්ශනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව සඳහා රාමසාන් උපවාස මාසය අද (12) සිට ආරම්භ වන බව කොළඹ මහ පල්ලිය ඊයේ රාත්‍රියේ ප්‍රකාශ කළේය.

‘ලයිලත් අල් කද්ර්’ රාත්‍රියේ අල් කුර්ආනය මුහම්මද් නබිතුමාට හෙළිදරව් කිරීම සිහිපත් කරමින් ලොව පුරා සිටින මුස්ලිම්වරු රාමසාන් මාසයේ උපවාස හා යාඥාවන් පවත්වති.

ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයේ නවවන මාසය වන රාමසාන් සමයේ නිරාහාරව සිටීම ඉස්ලාමයේ කුළුණු පහෙන් එකක් ලෙස සැලකේ.