හිටපු රාජ්ය බුද්ධි අංශ ප්රධානී විශ්රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ අපරාධ පරීක්සණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත . පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත .
පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබූ විමර්ශනවලදී ලද තොරතුරු අධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුව අද උදෑසන ඔහුව අත්අඩංගුවට ගත්බව වාර්තා වේ .
ප්රකාශයක් සටහන් කිරීමෙන් පසු මේජර් ජෙනරල් සුරේෂ් සලේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය . කෙසේ වෙතත් ඔහු ත්රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීමේ නියෝග ලබාගැනීමට ඉඩ අතිබව බවද වාර්තා වෙයි .