රවී රොයිස්ටර් ‘සිය සමුගැනීමේ’ සටහන තබයි – මේ අවසන් මාස කිහිපයයි

පාලිත තෙවරප්පෙරුම මහතාගේ අභාවය එක්ක රවී රොයිස්ටර් ගැන අලුත්ම කතාබහක් ඇතිවුණා.

ඒ, පාලිතගේ අවසන් කැමැත්ත අනුව රවීගේ ”හමාර බණවර” වෙනස් විදිහකට ගායනා කිරීම නිසයි.

කොහොම වුණත් රවී සිය ෆේස්බුක් පිටුවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එකතු කරලා තිබෙනවා.

එහි සඳහන්ව වෙන්නේ සමුගැනීම ගැන.

ඒ,සංගීත ජිවිතයෙන්.

ඔහුගේ සටහන පහතින් කියවිය හැකියි.

මේ ගතවෙන්නේ මගේ ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ අවසන් මාස කීපයයි.මන්දයත් මා ඉගෙනගත් අවංක විෂය මේ ක්ෂේත්‍රයේ නොමැති නිසාවෙනි.කලාව යනු කුහකත්වයවත් , ඊර්ෂ්‍යායවවත් ,අනෙකාව කෙටවීමවත් නොවෙයි , කලාව යනු ආදරයයි.ඒ ආදරයට මිලක් නියම කළ නොහැකිය.මිල නියම වනුයේ තමන් කොතෙක් දුරට ඒ සංගීතයට අවංක ආදරය දක්වන විලාසය අනුවය.ඇත්තටම මේ රටේ සංගීත ක්ෂේත්‍රය පිළිබඳ මට ඇත්තේ ඉතා දැඩි කලකිරීමකි.ගායකයන් සංගීත ශිල්පීන් පිල් බෙදී ඇත.එකෙක් අනෙකාගේ වැරදි අනෙකාට පවසයි.ඔවුන් ඒ තුළින් මම මාර වැඩක් කරා , අරූට මම කෙලෙව්වා , අරූට කෙලවනවා, අරව සින්දු ද බං අරූ මෙච්චර ගානක් ගන්නවා , අයියෝ අරූව මට කොට ගානකට ගේන්න පුළුවන් මෙයයි අපේ සංගීත ක්ෂේත්‍රය.කලාව තුළින් අප්ඩේට් නැත. අනිත් *** වැඩ තුළින් අප්ඩේට් එක ඉහළයි. තවත් කීමට එමටයි.මගේ අවසන් ගීත කිහිපය ඉදිරි මාස දෙක තුළදී නිකුත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටිමි.මම කාගේවත් ගීතයක් විකුණාගෙන කෑවේ නැත.විකුණාගෙන කන්න තරම් මට අහේනියක් ද නැත.අලුත් රටක අලුත් සංගීතයකින් නැවත හමුවෙමු .ස්තුතියි. මගේ රටට ආදරෙයි

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!