රනිල්, හරීන් සහ ජූලී චංග් යාල සංචාරයක

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (19)යාල ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරතවිය . මෙම සංචාරයට ශ්‍රීලංකවේ ඇමරිකානු තානාපතිනී ජූලි චංග් සහ සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ද එක්විය.

සංචාරකයන්ට ඉක්මනින් යාල ජාතික වනෝද්‍යානය වෙත ඇතුලු වීම සඳහා මාර්ග ගත ක්‍රමයට ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයා අවධානය යොමු විය.

වියළි කාළගුණය යාල සහ අවට කළාපයේ දිය කඩිති සිඳීයාම නිසා වන සතුන් පත්ව ඇති තත්ත්වය පිළිබඳ ජනාධිපතිවරය්‍යා බොහෝ සේ කම්පාවට පත් විය. පවතින තත්ත්වය හමුවේ වන සතුන්ට ජලය ලබාදීමට වනෝධ්‍යානයේ සේවකයන් ගන්නා උත්සහය අගය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සිඳී ගොස් ඇති දිය කඩිති වලට ජලය මුදා හැරිමේ වැඩසටහනකටද සහභාගී විය .

ජනාධිපතිවරයා යාල ජාතික උද්‍යානය තුළ බොහෝ වේලාවක් ගතකළ අතර ඇමරිකානු තානාපතිනිය සහ හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාද ඔහු සමග රැඳී සිටිනු දැකගත හැකි විය. පසුගියදා පාදයේ සැත්කමකට ලක් කෙරුණ හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා කොට කලිසමකින් සැරසී සංචාරයට එක්ව සිටියේය . ජනාධිපතිවරයා සහ ඇමරිකානු තානාපතිනියද සහැල්ලු ඇඳුම් ඇඳ සංචාරයට එක්ව සිටිනු දැක ගත හැකි විය.

අමාත්‍ය හරීන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර මතබේදයක් පවතින බවට පැතිර යනෙය්ආරංචි අසත්‍ය බව මේ චාරිකාවෙන් තහවුරු විය.

යාල ජාතික වනෝද්‍යානය කොටි (Panthera pardus kotiya) නිරීක්ෂණය සඳහා ලෝකයේ ඇති හොඳම ස්ථානයක් ලෙස පිළිගැනෙයි. ශ්‍රී ලංකාවේ ඇති පැරණිතම වනෝද්‍යානයන්ගෙන් එකක් වන යාල බ්‍රිතාන්‍ය පාලන සමයේ දඩයම් බිමක් ලෙස පැවතියේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *