රන්වලගේ මධ්‍යසාර පරීක්ෂණය පමාවීමට හේතුව හෙළිවෙයි

පොලිසි තුළ පොදුවේ ශ්වසන පරීක්ෂණ නළ (බැලූන්) හිඟයක් පවතින බවත්, පසුගියදා එම බැලූන් තොගයක් ගෙන්වූ බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළ බව ‘මව්බිම’ පුවත්පත වාර්තා කර තිබෙනවා.

ඒවා තත්ත්ව පරීක්ෂණයට ලක් කරන තෙක් පිට කිරීමට නොහැකි බවද අමාත්‍යවරයා එඉදී සඳහන් කර ඇත .

හිටපු කතානායක, පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක රන්වලගේ රිය අනතුර සහ ඔහු පරීක්ෂාවට ලක් කිරීම ප්‍රමාද ඇයිද යන්න පිළිබඳව විමසීමකදී අමාත්‍යවරයා මේ බව පවසූ බව ‘මව්බිම’ පුවත්පත වාර්තා කර තිබෙනවා.