රත්නපුර ටවුම මැද්දේ ඇසිඩ් ප්‍රහාරයක් – පහක් රෝහලේ

රත්නපුර මහාධිකරණ සංකීර්ණය අසල දී අද (06) උදෑසන ඒල්ල වු ඇසිඩ් ප්‍රහාරයකින් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.

මෙසේ ඇසිඩ් ප්‍රහාරයට ලක්ව ඇත්තේ, නඩුවක් සඳහා පැමිණෙමින් සිටි පුද්ගලයකු ඔහුගේ බිරිද සහ මාර්ගයේ ගමන් කරමින් සිටි දරු තිදෙනෙක් බවයි වාර්තා වන්නේ.

ඇසිඩ් ප්‍රහාරය එල්ල වී ඇත්තේ පසුගිය 2023 වසරේ අප්‍රේල් 23 දින රත්නපුර නව නගරයේ දී සිදු වූ මාරක රිය අනතුරක ප්‍රධාන වග උත්තරකරු බවට මේ වන විට හඳුනා ගෙන ඇති අතර, නඩුව සඳහා පෙනී සිටීමට පැමිණෙමින් සිටි අවස්ථාවේ දී යි මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ.

ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ බවට සැකපිට අදාල රිය අනතුරෙන් මියගිය තරුණයාගේ පියා රත්නපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව ද වාර්තා වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!