යෝජිත මාර්ගගත ක්‍රමවල ආරක්ෂාව පිළිබඳ පනතට එක්සත් ජාතීන්ගේ සහය.

එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ ( Marc-André Franche ) සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අතර හමුවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී ඊයේ පස්වරුවේ පැවති අතර එහිදී එහිදී යෝජිත මාර්ගගත ක්‍රමවල ආරක්ෂාව පිළිබඳ පනත පිළිබඳ සාකච්චා විය.

එහිදී අදහස් දැක්වූ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජාත්‍යන්තර සංවිධාන සමඟ අදහස් සහ යෝජනා හුවමාරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහය දීමට සූදානම් බව පැවසීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ සංවිධාන 21ක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන බවත්, එම සංවිධානය සමග අදහස් හුවමාරු කර ගැනීම තුළින් ශ්‍රී ලංකාවේ අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමට උපකාර කළ හැකිබවත් ඔහු එහිදී පැවසීය. තවද, අන්තර්ජාල පද්ධතිවල ආරක්ෂාවට අදාළ නීති ගෝලීය අවශ්‍යතාවයක් බව එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක අදහස් දක්වමින් කියා සිටියේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *