යූනියන් බැංකුව නේපාල ධනකුවේරයෙක් යටතට.

TPG Asia VI Pte Ltd සමාගම තම සතුව තිබූ Culture Financial Holdings Ltd සමාගමේ පූර්ණ හිමිකාරීත්වය මුළුමනින්ම අලවි කිරීමත් සමග මෙරට ප්‍රධාන වාණිජ බැංකුවක්වන යූනියන් බැංකුවේ ප්‍රධාන කොටස්කරුවා බවට නේපාල බිලියන පතියෙක් වන ආචාර්ය බිනෝද් චෞදරි යටතට පත්ව ඇතිබව වාර්තාවේ

Culture Financial Holdings Ltd සමාගම තමන් යටතේ තිබූ යූනියන් බැංකුවේ කොටස් ප්‍රාග්ධනයෙන් 70.84% ක අයිතිය CG Capital Partners Global Pte Ltd නම් සමාගම විසින් මිලට ගෙන ඇත. CG Capital Partners Global සිංගප්පූරුවේ සංස්ථාපිත සමාගමකි. නේපාලයේ ප්‍රකට බැංකුවක් වන Nabil Bank හි විශාලතම කොටස්කරුවා වන්නේ ද එම සමාගමයි. එහි සභාපතීත්වය ආචාර්ය බිනෝද් චෞදරි විසිනි.

මෙය ශ්‍රී ලංකා මූල්‍ය සේවා කර්මාන්තයේ සිදුකෙරුනු ප්‍රධාන ආයෝජනයක් බවත්, යූනියන් බැංකුවට නව සංධිස්ථානයක් කරා ළඟා වීමට මේ හරහා විශාල හැකියාවක් ලැබෙනු ඇති බවත්, මෙම ව්‍යාපාර අත්පත් කර ගැනීම පිළිබඳව අදහස් දක්වමින් ආචාර්ය බිනෝද් චෞදරි පැවසීය. “ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකු අතරට යූනියන් බැංකුව ගෙන ඒම සඳහා අපි උපායමාර්ගික වර්ධන ප්‍රවේශයක් ගනිමින් සිටිනවා. මෙම ව්‍යාපාරික පුළුල් කිරීම තුළ ඉදිරියේ දී තවදුරටත් ව්‍යාපාර ඒකාබද්ධ කිරීම් හා අත්පත්කර ගැනීම් දැකගනු හැකිවනු ඇත“, යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *